March 4, 2017

මල්ලි මේ ඩුබායි 02



පොඩි එකාගේ ඩුබායි විසිටින් එක..... සාජාහ් ඉන්ටර් නැෂනල් එකෙන් වෑන් එහෙකට ගොඩ උනේ මහන්සිය නිවා ගන්න බෝඩිම් ප්ලේස් එකට යන්න කියල. මසාෆි රෝඩ් එකේ ඉදිරියට ඇදෙද්දී දුහුවිලි තඩි තඩි තට්ටු බිල්ඩින්ග් පාර අයිනේ රට ඉඳි ගස් ... ඔච්චරයි ඉතින් සිරි විසිතුරු,,, ඉස් ඉස්සරවෙලාම අඩිය තිබ්බේ බාර් එහෙකට.... කොල්ල එක්ක ආපු ඩ්‍රයිවර් අයියා බෝතල් පෙන්නල ගණන් කියද්දී පිස්සු වගේ.... ඩිරාම් පහටත් බඩු තියේ මල්ලි අජ්මාන් වල නම්... මුන්ගේ නම් අඩුම පහලවේ බෝතලේ තමා... ඇපල් වයිටේ පාටින් බෝතල් තුනක් පැකින් උනා.... ආපු දවසෙම නසරාණි වෙන්නයි තියෙන්නේ පේන විදිහට....

ඩුබායි කියල මවාගෙන ආපු විදිහ වැන් එකෙන් බැස්ස ගමන්ම දිය වෙනවා වගේ දැනුන කොල්ලට.... පොඩි ගෙයක් කාමර තුනයි... කපල් පහක් ඉන්නවා පොඩි පාටිෂන් කෑලි ගහගෙන... තුනී රෙද්දකින් තමා කපල් දෙකේ ඇඳන් දෙක වෙන් වෙන්නේ.... කොල්ලට සෙට් උනේ එක කපල් එකක් හිටපු කාමරේම පොඩි පාටිෂන් එකක් ගහල බෙඩ් ප්ලේස් එක විතරයි....

හැබැයි කපල් පහ නම් පට්ට ආදරෙන් ඉන්නේ.... මාරම ලව්... කොල්ලටත් හිතුන මේ වගේ ලවක් මටත් තිබ්බ නම් කියල... අයියට කිවම අයිය කියනවා උඹට සෙට් කරලා දෙන්නම්... උඹ කැමති එකක් පෙන්නහන්කෝ අද රැට අල් වාදී පැත්තේ යමන්කෝ එතකොට බලමු කිවා... ඔය අස්සේ එක අක්කෙකුට ගෙදරින් කෝල් එකක් ඇවිත්.... එතකොටයි තේරුනේ මේ "ඩුබායි ලයිෆ් අනුන්ගේ වයිෆ්" කියල.....


මේ මිනිස්සු තමන්ගේ ගෙවල් වල ඉන්න තමන්ගේ ගැහැණු මිනිස්සුන්ට කොච්චර නම් වැරදි කරනවද කියල.... කතාව නම් අම්මෝ ජීවිතේට තමන්ගේ මිනිහගෙන් පිට ගිහින් නැහැ කියල. හැබැයි බලන්න ඕනි වැඩ කිඩ ටික ... මාස තුනෙන් තුනට වගේ මිනිස්සු මාරු කර කර අමුතුම ලයිෆ් එකක්....

එක අතකට තමන්ගේ ගැනී රට නොයවා ඉන්න ඕනි... එහෙනම් මෙහෙම නැහැනේ.....

කොල්ලට හිතුනේ එහෙමයි....
Share:

March 1, 2017

සේෆ්ටි ෆස්ට්


ඇන්ඩ්‍රෝයිඩ් ෆෝන් කියන්නේ අපේ ප්‍රයිවසි පට්ට විදිහට ලික්‌ කරන ඩිවයිස් එකක්.... කියන්න යන්නේ ඇන්ඩ්‍රෝයිඩ් ගැන නෙවි ස්පයි ගැන... ඇන්ඩ්‍රෝයිඩ් ෆෝන් එහෙකින් අපේ තොරතුරු තෙවන පාර්ශවයකට පත් වන අකාර වලින් එකක් පිළිබඳව කියන්නම්.... imo ඇප් එක මේකට කියාපු බාන්ඩෙ... කරන විදිහ කියා දෙන්නේ නැහැ මටත් හිරේ යන්න වෙන සීන් එකක් නැතිනම් හි හි හි ..... හැබැයි අපිට මේකෙන් මුළු ෆෝන් එකටම රිංගන්න අමාරුයි හැබැයි sms චැට් හිස්ට්‍රි කෝල් හිස්ට්‍රි බලන්න ... ආ තව පුළුවන් ගැලරියේ තියෙන ෆොටෝ බලන්නත් ඒ කෙනාගේ අන්තර්ජාල සම්බන්දතාව හොඳ ස්පීඩ් එහෙක තියෙනවා නම්.... මන් කියන්න යන්නේ මේවගෙන් ජාමේ බේරාගෙන ඉන්න පොඩි ට්‍රික් දෙක තුනක්... setting- security-encryption යටතේ ෆෝන් එක , අලුත් අප්ඩේට් වල නම් චිප් එකත් පුළුවන් ... කොහොම හරි එන්ක්‍රිප්ට් කරන්න....ෆෝන් එක චාර්ජ් එකට ගහල තියෙන්න ඕනි බැටරියේ චාර්ජ් එක 80% 70% වගේ වෙලා තියෙන්න ඕනි.... ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට මේක වෙනස් වෙනවා ඒකයි... ඒ වගේම මේකට ටික වෙලාවක් යනවා... ඔෆ් වෙලා ඔන් වෙද්දී පොඩි සින් එකක් යනවා... මේවා නොතේරෙනවා නම් ටියුටෝරියල් එකක් බලලම කරන්න... ඒ වගේම සමහර ෆෝන් වල අනම් මනං එහෙන් මෙහෙන් ඩිලීට් වෙන්න පුළුවන් ... ඕනිම නම් බැකප් එහෙකුත් ගන්නකො....
ඔය වැඩෙන් ඔයාව ටිකක් විතර සේෆ්... අර මන් කිව imo වැඩෙන් එහෙම ටිකක් සේෆ් .... ඊට පස්සේ තව එකක් security වලම ඇති unknown sources වලට ටික් එක දාල නම් ඒක අයින් කරන්න.... ඩයිවර්ස් ඇඩ්මිනිස්ටර් වල ඔයා නොදන්නා ඇප් වලට පර්මිෂන් දීල නම් ඒවත් අයින් කරන්න.... ප්ලේ ස්ටෝර් වලින් විතරක්ම ඇප් ගන්න.... තර්ඩ් පාටි ඇප් ගන්න එපා ඒ වගේම සමහරු දෙන ක්ලෝන ඇප් පාවිච්චි කරන්නත් එපා.....
අපේ නොදැනුවත් කම නිසා තමා අපි අපේ වල කපා ගන්නේ.....
Share:
ධනුෂ්. Powered by Blogger.