February 27, 2017

මල්ලි මේ ඩුබායි 01



පොඩි කොල්ලෙක් ජොබක් නැතුව නන්නත්තාර වෙලා ඒ මේ අත යද්දී තමා ඒ කොල්ලගේ ඔලුවට ඩුබායි උනේ තදේටම ගැහුවේ... කොහොම හරි දෙතුන් දෙනෙක්ට වැදලා කරලා ගහ ගත්ත මාස තුනක විසිට් කෑල්ලක්.... බැලුව අඩුම ටිකට් එක.. එයාර් අරාබියා තමා පොඩි උන්ට සෙට් වෙන එක ... කොහොමින් හරි බෝඩින් වෙන්න කොල්ල පෝලිමේ බණ්ඩාරනයකේ.... අම්මෝ හැමෝම ඕසෙට අඩනවා .... තමන්ගේ කොල්ලව දරුවාව දෙමව්පියන්ව මනුස්සයව බදාගෙන... දැන් නම් කොල්ලට හිතෙනවා මේ අඩන විදිහට මේ අය බැහැපු ගමන් ආපහු ඒවි කියලා... ඔය අස්සේ 24ක වගේ කෙල්ලෙකුත් කොල්ලව බදාගෙන අඩනවා.. කොල්ලගේ කනට ඇහෙනවා කෙල්ල එයාගේ කොල්ලට කියනවා බර බර කතා ගොඩක්... "මන් එනකම් වෙන කෙල්ලෝ දිහා බලන්න එපා, මට ඔයාව මතක් වේවි හැම වෙලේම" අනේ අර කොල්ලත් මොන මොනාද කිය කියා සනසනවා කෙල්ලව... අනේ ඉතින් කෙල්ලත් කොල්ලව අත ඇරලා බෝඩින් වෙන්න පෝලිමේ... අපේ කොල්ලට හතර දෙනෙක් විතර පහු වෙලා ඉන්නවා ඇසුත් රතු කරන්..... G9504 ඩිපාචර් එකට තව පැයයි කියල තඩි LED ඉන්ඩිකෙටරේ වැටෙද්දී ශේප් එකේ ඇතුලේ....

අපේ කොල්ල ලගින්ම කෙල්ල ඉද ගත්තේ ඉඩ නැති හින්ද... ටිකට් එකට සීට් සෙට් උනෙත් A,B... ආයුබෝවන් දොරකඩ ඉදන් කැබින් කෘ එකේ කෙල්ල කියද්දී කොල්ලත් දන්නා විදිහට ජාමේ බේරන් වාඩි උනා....

අර කෙල්ලත් හොටු පිහදලා එහෙම කොල්ල එක්ක කියවනවා... මේ කෙල්ල වතාවක් රට ගිය කෙල්ලෙක් මේ දෙවෙනි වතාවලු .... කෙල්ල කියනවා ඩුබායි ගැන පට්ට විස්තර.. ඇවිදපු නැති තැනක් නැහැ වගේ....

පැය හතරක් ගිහින් තව පැය බාගයයි.... හම්මේ ඉතින් පලවෙනි පාරට අමුතු පරිසරෙකට පය තියන්න ඔන්න මෙන්න... කෙල්ලත් මේක් අප් සෙට් එක අරන් අඩපු සලකුණු මකනවා සැරටම....

සජා වල ඉමිග්‍රේෂන් එකෙන් කෙල්ල අපේ කොල්ලට කලින් එළියේ.... කොල්ලත් එලියට ආවා .... එතකොටත් කෙල්ල ගන්න වාහනේ ඇවිත් නැතුව කෙල්ල එළියේ... කොල්ලගේ යාළුවා වාහනේ ගේනකම් කොල්ල තනබිස්සේ ඉගෙන... කෙල්ල කෝල් තුන හතරක් ගත්ත ... ආව ඩබල් කැබ් එකක්.... කළු ඩයල් එකක් බැස්සේ .... කෙල්ල දුවන් ගිහින් ඒ කල්ලව බදාගෙන.... ලංකාවේ කොල්ලගෙන් වෙන් වෙන්න බැහැ කියල පැය පහෙන් මේකි වෙන තුරුලක..... කෙල්ල යද්දී අපේ කොල්ලටත් වාහනේ ආවා.... කොල්ල වාහනේ ඉඩ ගත්තේ දාහකුත් ප්‍රශ්න හිතන්න ඉතුරු කරගෙන ........................................................
Share:

February 26, 2017

කල එලි බැහීම

අවසරයි...???


එකක් නෙවි මහ හුඟක් එකට එකතු උණු තැනක්.... ආසාවක් තිබ්බ මටත් ලියන්න, හැබැයි මොනවා ලියන්නද තේරුනේ නැහැ, අන්තිමට හිතුන කතා නායකයෝ හතර පස් දෙනෙක්ගේ කතා එකට ගලපන්න, මේවගේ ගන්න දේවල් හොයන්න එපා ඉතින් මේවා කට කහනවට ලියන තවත් එක කතා සෙට් එකක් විතරයිනේ..... 

වට ගොඩින් උණු නිර්මාණ, හිතළු, චරිතා පදාන, ඇහැ ගිය තැන්, අත්දැකීම්, සැඟවූ ආශාවන්,සැවම නැහැ කියන ඒත් ඇත්ත, මගේ ලෝකය, මේ හැම එකක්ම එකට ගත් අතිශෝක්තියෙන් තොර නිර්මාණයක් කරන්න අවසරයි......

Share:
ධනුෂ්. Powered by Blogger.